Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඇෆ්ගනිස්ථානය පසුබසී




සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන හා අවසන් එක් දින ක්‍රිකට් තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ වන විට පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සියළුම පිතිකරුවන් පන්දුවාර 22යි පන්දු 02කදී ලකුණු 116කට දැවී ගියා.

මොහොමඩ් නබී පන්දු 23කදී ලකුණු 23යි. ඉබ්බ්‍රාහීම් සද්රාන් පන්දු 21කදී ලකුණු 22ක් රැස් කළා.  
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුළු 04ක් දවා ගත් අතර වනිදු හසරංග ලකුණු 07කට කඩුළු 03ක් දවා ගත්තා.

ළහිරු කුමාර ලකුණු 29කට කඩුළු 02යි. ඒ අනුව මෙම තරගයේ ජයග්‍රාහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුනු 117ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.