Thursday, March 28, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානට එරෙහි තුන්වන එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්




සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තුන්වන හා අවසන් එක් දින ක්‍රිකට් තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සියළුම පිතිකරුවන් පන්දුවාර 22යි පන්දු 02කදී ලකුණු 116කට දැවී ගියා.

මොහොමඩ් නබී ලකුණු 23ක් රැස්කල අතර ඉබ්බ්‍රාහීම් සද්රාන් ලකුණු 22ක් රැස් කළා.  

පිලිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16ක් තුළදී එක් කඩුල්ලකට ලකුණු 120ක් ලබා ගනිමින් මෙම තරගයේ ජය වාර්තා කළා.

දිමුත් කරුණාරත්න පන්දු 45කදී නොදැවී ලකුණු 56යි.

පැතුම් නිස්සංක පන්දු 34කදී ලකුණු 51ක් රැස් කළා.

තරගය පැවැත් වුණේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවති තරඟ 03කින් සමන්විත එක්දින තරගාවලියේ ජයග්‍රහණයද ශ්‍රී ලංකාවට හිමි වුණා.