Saturday, April 20, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානට එරෙහි එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට




සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති තුන්වන හා අවසන් එක් දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 09ක පහසු ජයක් අත්කර ගනිමින්.

මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සියළුම පිතිකරුවන් පන්දුවාර 22යි පන්දු 02කදී ලකුණු 116කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුළු 04ක් දවා ගත්තා.

වනිදු හසරංග ලකුණු 07කට කඩුළු 03යි.

ලකුණු 117ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16ක් තුළදී එක් කඩුල්ලකට ලකුණු 120ක් ලබා ගනිමින් මෙම තරගයේ ජය වාර්තා කළා.

දිමුත් කරුණාරත්න පන්දු 45කදී නොදැවී ලකුණු 56යි. පැතුම් නිස්සංක පන්දු 34කදී ලකුණු 51ක් රැස් කළා.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේ දුෂ්මන්ත චමීරයි.