Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව රනින් සැරසූ කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරු දිවයිනට




20 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී පදක්කම් දිනා  ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රීයේ මෙරටට පැමිණියා. තරගාවලිය පැවැත්වුණේ දකුණු කොරියාවේ යේචියොන් නගරයේදීයි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මළළ ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගනිමින් රටවල් 45 ක් සහභාගී වූ මෙම තරගාවලියේ 07 වන ස්ථානයට පත්වුණා. 


වළළ ඒ.රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න මීටර් 800, මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව් වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 400 ජවන ඉසව්වෙන් රිදී පදක්කම ද දිනා ගත්තා. ඒ අනුව තරුෂි කරුණාරත්න මෙම තරගාවලියේ ගුණාත්මක අතින් පදක්කම් 03 ක් දිනා ගත් විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට සම්මානයට පාත්‍ර වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සුසන්ත ප්‍රනාන්දු ගුවන් තොටුපොළේ දී පැවසුවා. ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන් තරුෂි කරුණාරත්න තරඟාවලියට සහභාගී වීමට සති හතරකට පෙර නිව්මෝනියා රෝගී තත්ත්වයට පවා ගොදුරු වී සිට ඉන් සුවය ලබා මෙම තරඟවලට සහභාගී වීම කැපී පෙනෙන සිද්ධියක්.

මීට අමතරව ජයේෂි උත්තරා, විනෝද් ආරියවංශ, ෂෙහාන් දිල්රංග සහ මලින් යසිරු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද 20 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී පදක්කම් දිනා ගත්තා.