Friday, April 26, 2024

General line - 0115112241

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලෙන් මැතිව්ස් ඉවතට - මතීෂ ඇතුළට




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.

ඊට ක්‍රිඩකයින් 15දෙනෙකු ඇතුළත්.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දිමුත් කරුණාරත්න, මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත ද ඇතුළත්. 

මීට අමතරව කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම පිතිකරුවන් ලෙස සංචිතයට ඵක්වනවා.

වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ සංචිතයේ සිටින දග පන්දු යවන්නන්.

චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත  සහ ළහිරු කුමාර සංචිතයට ඇතුළත් වේගපන්දු යවන්නන් වනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සිම්බාබ්වේහිදී පැවැත්වෙනවා.

ඵ් ලබන 18 බවනදා සිටයි.

ශ්‍රී ලංකාව සහභාගි වන පලමු තරගය ඵක්සත් අරාබි ඵමීර් කණ්ඩායම සමග ලබන 19 වනදා පැවැත්වෙනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට පෙර පුහුණු තරගාවලියක් ලබන අගහරුවාදා සිට ආරම්භ වීමට නියමිතයි.  

තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට සිම්බාබ්වේ බලා පිටත්ව යනවා.