Friday, April 19, 2024

General line - 0115112241

 ඵක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පෙර පුහුණු තරග ලබන සතියේ




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයට පෙර ඊට ඵක්වන කණ්ඩායම් සදහා පෙර පුහුණු තරග වටයක් සංවිධාන කර තිබෙනවා.

පෙර පුහුණු තරගාවලිය ලබන අගහරුවාදා සිට ආරම්භ වීමට නියමිතයි.

පලමු තරගය ලෙස ශ්‍රි ලංකාව ලබන අගහරුවාදා නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතයි.

ශ්‍රි ලංකාව සහභාගි වන දෙවන තරගය ලබන 15වනදා පැවැත්වෙන්නේ අමෙරිකාව සමගයි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සිම්බාබ්වේහිදී පැවැත්වෙනවා.

ඵ්, ලබන 18 වනදා සිටයි.

ශ්‍රී ලංකාව සහභාගි වන පලමු තරගය ඵක්සත් අරාබි ඵමීර් කණ්ඩායම සමග ලබන 19 වනදා පැවැත්වෙනවා.

තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට සිම්බාබ්වේ බලා පිටත්ව යනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.

ඊට ක්‍රිඩකයින් 15දෙනෙකු ඇතුළත්.