Wednesday, May 1, 2024

General line - 0115112241

ගංජා කිලෝ 08ක් සමඟ යුද හමුදා සෙබලෙකු STF මෙහෙයුමකදී අත්අඩංගුවට

ජයන්ත වීරසේකර




තණමල්විල අරඹෙකෙම ප්‍රදේශයේදී වියළි ගංජා කිලෝ 08යි ග්‍රෑම් 05ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හමුදා සෙබලෙකු වන අතර නිවාඩු ලබා සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම සැකකරු අරඹෙකෙම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.