Wednesday, May 1, 2024

General line - 0115112241

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි අභාවප්‍රාප්ත වෙයි




ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි අභාවප්‍රාප්ත වුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා වන පරීක්ෂණ කිහිපයක් සඳහා මිලානෝ හි රෝහලකට ඇතුළත් කර සිටියදී මිය ගොස් ඇති බවයි.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86 ක්.

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු සහ මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකු වූ බර්ලුස්කෝනි අවස්ථා  04 කදී ඉතාලියේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණා.

දීර්ඝතම කාලයක් ඉතාලියේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා ලෙස එරට වාර්තා අතර එක්ව සිටින බර්ලුස්කෝනි අවස්ථා කිහිපයකදී අපකීර්තියට ද ලක් වුණා.

ඉන් එක් අවස්ථාවක් වන්නේ ඔහු වරක් තමාව ජේසුස් වහන්සේ සමග සංසන්දනය කිරීමයි.

එමෙන්ම සිල්වියෝ බර්ලුස්කෝනිට එරෙහිව ඉතාලියේ අධිකරණ තුළ නඩු රැසක් ගොනු කර තිබෙනවා.

ඒවායෙන් රැසක් ඔහුගේ විවිධ ව්‍යාපාරික අවශ්‍යතා සමඟ සම්බන්ධ වූ අල්ලස් හෝ වංචා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ගොනු කළ නඩු වනවා.