Wednesday, May 1, 2024

General line - 0115112241

ඡන්ද අයිතිය වෙනුවෙන් ජී එල් ගේ පොරොන්දුව




ලබන වසරේදී අනිවාර්යෙන් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් පවසනවා.

නිදහස ජනතා සභාව අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරණය නියමිත කාලයේදී නොපවත්වා කල් දැමීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.

මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් එහිදී අදහස් පල කළා.

ජනාධිපතිවරණය නියමිත කාලයේදී පැවැත්වීම තහවුරු කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කරන බවද මහාචාර්ය ජී එල් පීරිස් එහිදී කියා සිටියා.