Wednesday, May 1, 2024

General line - 0115112241

රෝහල් ගණනාවක වෛද්‍ය උපකරණ ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා




එම් ආර් අයි ස්කෑන් යන්ත්‍ර, සී ටී ස්කෑන් යන්ත්‍ර ඇතුළු රෝහල් ගණනාවක වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ගැටළු කඩිනමින් විසදීමට අදාළ බලධාරීන් නිසි පියවර ගෙන නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වී මාස 03ක පමණ කාලයක් ගත වී ඇති බවයි.


දිවයිනේ රෝහල් ගණනාවක වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ගැටළු පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළා.