ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලියට අදාළ ක්රීඩක වෙන්දේසියේදී චරිත් අසලංක අමෙරිකානු ඩොලර් 80,000 කට මිලදී ගෙන තිබෙනවා.
ඒ, ජැෆ්නා කණ්ඩායම විසින්.
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලියට අදාළ ක්රීඩක වෙන්දේසිය අද පස්වරුවේ ආරම්භ වුණේ කොළඹදීයි.
බිනුර ප්රනාන්දු දඹුල්ල කණ්ඩායම විසින් එහිදී මිලදී ගනු ලැබුවේ අමෙරිකානු ඩොලර් 76,000 කටයි.
ධනංජය ද සිල්වා ද අමෙරිකානු ඩොලර් 76,000 කට මිලදී ගනු ලැබුවා.
ඒ, දඹුල්ල ඕරා කණ්ඩායම විසින්. සධීර සමරවික්රම මිලදී ගනු ලැබුවේද දඹුල්ල කණ්ඩායම විසින්. ඔහුට හිමිව ඇති මුදල අමෙරිකානු ඩොලර් 68,000 ක්.
දිනේෂ් චන්දිමාල් අමෙරිකානු ඩොලර් 72,000 කට සහ දුෂ්මන්ත චමීර ඩොලර් 70,000 ට මිලදී ගනු ලැබුවේ නුවර කණ්ඩායම විසිනුයි.
කවිදු මෙන්ඩිස් “රයිඩ් ටු මැච්” ක්රමවේදය යටතේ නුවර කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවේ අමෙරිකානු ඩොලර් 60,000 කටයි.
ෂෙවෝන් ඩැනියෙල් ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමිවූ මුදල අමෙරිකානු ඩොලර් 22,000 ක්. අසිෆ් අලී අමෙරිකානු ඩොලර් 30,000 කට නුවර කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
මොහොමඩ් ෂිරාස් ගාල්ල කණ්ඩායම විසින් මිලදී ගනුලැබුවේ අමෙරිකානු ඩොලර් 5,000 කටයි.
බංග්ලාදේශ ක්රීඩක තමීම් ඉක්බාල් සඳහා කිසිදු ලන්සුවක් ඉදිරිපත්වූයේ නැහැ.