Friday, May 10, 2024

General line - 0115112241

නේත්‍රාභිවන්ඳනා ධාතු නමස්කාරය අද සිට බණ්ඩාරවෙලදී




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කර නේත්‍රාභිවන්ඳනා මහා ධාතු නමස්කාරය සඳහා එක්වීමට සැදැහැවත් ඔබට අද සිට බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේදී අවස්ථාව පවතිනවා.

එම මහඟු පිංකම් මාළාව අද සිදුකරනු ලබන්නේ 14 වන දිනටයි.

නෙත් ශ්‍රාවක ඔබගේම දායකත්වයෙන් ගොඩනැගූ කූරගල රාජමහා විහාරයේ සුගන්ධ කුටියේ වැඩසිටින උතුම් වූ සර්වඥ ධාතූන් වහන්සේ, කේශධාතුන් වහන්සේ සහ 20 නමක් වූ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමට සැදැහැවතුන්ට එහිදී භාග්‍යය උදාවනවා.

ඒ, සඳහා බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේ ඇති සූදානම පිළිබඳ දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමඟින්.

නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට ට්‍රැවල් නෙත් සහ වටවල රන් කහට බැතිබර අනුග්‍රාහකත්වය ලබාදෙනවා.