Saturday, May 11, 2024

General line - 0115112241

ලොව විශිෂ්ඨ‘ම ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ඇරඹේ




වසර 141 ක් පැරණි ලොව විශිෂ්ඨ‘ම ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් ලෙස සැලකෙන අලුබඳුන තරඟාවලිය අද ආරම්භ වනවා.

ඒ, එංගලන්තයේදීයි.

සුපුරුදු පරිදි තරඟාවලියට එක් වන්නේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවයි.

මෙවර තරඟාවලියටද තරඟ 05 ක් ඇතුලත්. ඕස්ට්‍රේලියාව මෙම තරඟාවලියට එක්වන්නේ වත්මන් ලෝක ශූර ටෙස්ට් කණ්ඩායම ලෙසයි. 

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය 1882 දී ඕස්ට්‍රේලියාවේදී පළමු වරට පැවැත්වුණා.

මෙවර එහි පැවැත්වෙන්නේ 73 වන තරඟාවලියයි.

මෙතෙක් පැවති තරඟාවලි අතරින් 34 ක ජය ඕස්ට්‍රේලියාවට හිමි වුණා.

එංගලන්තය තරඟාවලි 32 ක් ජයගෙන ඇති අතර ජය පරාජයෙන් තොරව අවසන්වී ඇති තරඟාවලි සංඛ්‍යාව 06 ක්.