Monday, November 25, 2024

General line - 0115112241

මහ මැතිවරණයෙන් පැරදුණු සජබ අපේක්ෂකයින් සහ සජිත් අතර හමුවක්




පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරග කර පරාජයට පත් වූ අපේක්ෂකයින් සහ එම පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. 

ඒ, විපක්ෂ නායක කාර්යාලයේදීයි. 

එම හමුව අවසන් වීමෙන් අනතුරුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා පත් කිරීමට නියමිත පිරිස සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකල ප්‍රශ්නයකට විපක්ෂ නායකවරයා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.


පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 05 ක්. 

ඉන් එක් මන්ත්‍රී ධූරයක් සඳහා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කළා.