Monday, November 25, 2024

General line - 0115112241

විපක්ෂ නායක අසුනෙහි අසුන් ගත් මන්ත්‍රී අර්චුනා ගැන කතානායකවරයාගේ අවධානය

කමල් සුරවීර




පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහු සහ සෙසු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරන බව කතානායක අශෝක රංවල මහතා පවසනවා. 

එම සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි කතානායකවරයා පැවසුවේ. 

පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරයේදී විපක්ෂ නායකවරයාගේ අසුනෙහි අසුන් ගත් එම මන්ත්‍රීවරයා ජාතිවාදය ඇතිවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති බවට විවිධ පාර්ශව චෝදනා කළා.  


පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම් ද අධ්‍යයනය කළ බවයි කතානායකවරයා පැවසුවේ.


මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කතානායක අශෝක රංවල මහතා මෙම අදහස් පළ කළා.