ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල ලබන සෙනසුරාදා දිනයේද විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවේ සෑම වර්ෂයකම නොවැම්බර් 30 වනදා සියලු ආදායම් වාර්තා ලබාදිය යුතු අවසන් දිනය නොවැම්බර් 30 වනදා වන බැවින් එලෙස ලබන සෙනසුරාදා සිය කාර්යාල විවෘතව තබන බවයි.
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත අනුව සියලු ආදායම් වාර්තා එනම් සංස්ථාපිත ආදායම් බදු, තනි පුද්ගල ආයාදයම් බදු සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු ලබාදිය යුතු වනවා.
ඒ අනුව නොවැම්බර් 30 දිනට පසුව ලැබෙන සියලුම ආදායම් වාර්තා මාර්ගගත ක්‍රමය හෝ පිලිගත් වෙනත් ක්‍රමවේද ලබාදෙන වාර්තා කාල කඩඉමට යටත් වනවා.
යම් පුද්ගලයෙකුට ආදායම් වාර්තාව මාර්ගගත ක්‍රමය භාවිතයෙන් ලබාදීමට අපහසුතාවක් වේනම් සිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් සහාය ලබාගත හැකි බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් ඒ සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවේ.
ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ විශේෂ ඒකකය, 12 වන මහලේ වෙනස් වීම් කළමනාකරණ අංශය සහ දෙවන මහළේ මධ්‍යම ලේඛන කළමනාකරණ අංශයෙන් සහාය ලබාගත හැකියි.
එමෙන්ම VIP බදු ගෙවන්නෙක් නම් VIP බදු අංශයෙන් ද ඉහළ වත්කම් සහිත පුද්ගල අංශයේ ලියාපදිංචි බදු ගෙවන්නෙකු නම් එම අංශයෙන් ද සහාය ලබාගත හැකි බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ.
ඊට අමතරව දිවයිනේ පිහිටි සියලුම ප්‍රාදේශීය හා නගරබද දේශීය ආදායම් කාර්යාල මඟින් ද සහාය ලබාගත හැකි වනවා.
මේ අතර තක්සේරු වර්ෂය 2023, 2024 සඳහා රඳවා ගැනීමේ බද්ද මත අඩුකරන ලද රඳවා ගැනීමේ බද්ද, අත්තිකාරම්, ආදායම් බදු මුදල් පිළිබඳ දත්ත සියලුම බැංකු හා මූල්‍ය ආයතන වෙතින් මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා.
එම තොරතුරු රැමීස් පද්ධතිය වෙත මේ වන විට ඇතුළත් කරමින් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
එබැවින් ආදායම් වාර්තාව සම්පූර්ණ කිරීමේදී නිවැරදිව සියලුම රඳවා ගැනීම්, අත්තිකාරම් ආදායම් බදු සහ පොලී ආදායම් පිළිබඳ දත්ත යාවත්කාලීන කිරීමෙන් ඉදිරියේදී රැමීස් පද්ධතිය තුළින් නිකුත් විය හැකි
අතිරේක තක්සේරු, පොලී සහ දඩ පැනවීම් වළක්වා ගැනීමට හැකිවන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය වැඩිදුරටත් පැවසුවා.