Saturday, May 4, 2024

General line - 0115112241

ඕමානය පැරදු ශ්‍රී ලංකාවට කඩුලු 10ක සුපිරි ජයක්




එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව තීරණය කළේ පන්දු යැවීමටයි.

ඒ අනුව, තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමානය පන්දුවාර 30යි පන්දු 2කදී ලකුණු 98කට සිමා විය.

සුපිරි පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 5ක්ද ලහිරු කුමාර කඩුලු 3ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න පන්දු 51කට මුහුණදුන් දිමුත් හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 61ක් රැස්කරගැනීමට සමත්විය.

පැතුම් නිස්සංක පන්දු 39කදී නොදැවී ලකුණු 37යි.