Thursday, May 9, 2024

General line - 0115112241

වනිඳුගෙන් ක්‍රිකට් වාර්තාවක් - ශ්‍රී ලංකාවට පහසු ජයක්




ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අද නව එක්දින ක්‍රිකට් වාර්තාවක් බිහි කළා.

ඒ, පිට පිට එක්දින ක්‍රිකට් තරඟ 2කදී කඩුලු 5 බැඟින් දවා ගත් පළමු පාඳග පන්දු යවන්නා බවට පත් වෙමින්.

1983 වසරේ අසන්තද මෙල් ගෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් දැක්වූ පළමු පන්දු යවන්නා වන්නේද වනිඳු හසරංගයි.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟයේදී වනිදු හසරංග එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ලකුණු 24කට කඩුලු 6ක් බිඳ හෙලුවා.

ඕමානය සමඟ අද පැවති තරඟයේදී ඔහු ලකුණු 13කට කඩුලු 5ක් බිඳ හෙළමින් මෙම වාර්තාව බිහි කළා. 

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ අද පැවති තරඟයෙන් ඕමානය පරදා ශ්‍රී ලංකාව කඩුලු 10 ජයක් වාර්තා කළා.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 30යි පන්දු 2කදී අවසානයේ ලකුණු 98 කට දැවී ගියා.

පන්දු යැවීමේදී වනිඳු හසරංගට අමතරව ළහිරු කුමාරද කඩුලු 3ක් බිඳ හෙලුවා.

ශ්‍රී ලංකාව තරඟය ජය ගත්තේ පන්දුවාර 15ක් තුළ කිසිවකු නොදැවී ලකුණු 100ක් රැස් කරමින්. එහිදී දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 61ක් සහ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 37ක් රැස් කළා.