Friday, May 10, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවෙන් අයර්ලන්තයට දැවැන්ත ඉලක්කයක්




2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේදී අයර්ලන්තයට ලකුණු 326ක දැවැන්ත ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුනා.

කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කල අතර අයර්ලන්තයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස්කරගැනීමට සමත්විය.

පළමු කඩුල්ල ලෙස ලකුණු 20ක් ලබා සිටි පැතුම් නිස්සංක දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා ක්‍රීඩා ගාරය වෙත හරවා යැවිමට අයර්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න සිය මංගල එක්දින ශතකය වෙනුවෙන් පන්දු 103කදී හතරේ පහර 8ක් සමග ලකුණු 103ක් රැස්කළේය.

සධීර සමරවික්‍රම ලකුණු 82ක් ලබා ගනීමට සමත්විය.