ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයේ සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා.
ප්රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 374ක් රස කිරීමට සමත් වුනා.
පසුව එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට කොදෙව් කණ්ඩායමේ පන්දුයවන්නන්ගෙන් ප්රබල පීඩනයක් එල්ලවූ අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී නෙදර්ලන්තයද ලකුණු 374ක් රැස් කිරීමට සමත් වුනා.
නෙදර්ලන්තය වෙනුවෙන් Teja Nidamanuru ලකුණු 111ක් රැස් කරනු ලැබුවා.
මේ හේතුවෙන් ජය පැරදුම තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්රියාත්මක කිරීමට තරග තීරකවරුන් තීරණය කල අතර එම පන්දුවාරයේදී ප්රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය වේගවත් ලකුණු 30ක් රස කිරීමට සමත්විය.
එහිදී ප්රවේගකාරී පිතිකරණයක නිරතවූ van Beek හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් එල්ලකර තිබෙනවා.
සුපිරි පන්දුවාරයේදී පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 8ක් පමණයි