Friday, May 10, 2024

General line - 0115112241

ස්කොට්ලන්තය අසිරු අඩියක




ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් තුලදී සියලු දෙනා දැවී ලකුණු 245ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී පැතුම් නිස්සංක රැස් කළ ලකුණු සංඛ්‍යා 75යි.

පන්දු 85කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට 4රේ පහර 10ක් ඇතුළත් වුණා. පන්දු 65කට මුහුණ දුන් චරිත් අසලංක ලකුණු 63ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක්ද සමඟින්. 

ජයග්‍රාහී ලකුණු 246ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 7ක් අවසානයේ කඩුලු 2ක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 39ක්.

ලකුණු 7ක් ලබා සිටියදී මැතිව් ක්‍රොස් දවා ගනු ලැබුවේ ළහිරු කුමාර විසින් දවාගත් අතර මැක්මුලන් ව දඟ පන්දු යවන තීක්ෂණ විසින් ලබා ගත්තා.