Monday, May 13, 2024

General line - 0115112241

ස්කොට්ලන්තයට එරෙහි තරඟයේ ජයත් ශ්‍රී ලංකාවට




ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟයද ලකුණු 82කින් ජය ගැනීමට මීට නොබෝ වේලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 245ක් රැස් කළා.

පැතුම් නිස්සංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 75ක්. පන්දු 85කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

පන්දු 65කට මුහුණ දුන් චරිත් අසලංක ලකුණු 63ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක්ද සමඟින්. කෙසේ වෙතත් සෙසු ක්‍රීඩකයින් කිසිවෙකුට ලකුණු 27 සීමාව ඉක්මවා යාමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. 

ජයග්‍රාහී ලකුණු 246ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දු වාර 29ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ  163ක් පමණයි.

පන්දු යැවීමේදී කඩුලු 3ක් බිඳ හෙලූ මහීෂ් තීක්ෂණ තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා.

වනිඳු හසරංගද බිඳ හෙලූ කඬුලු සංඛ්‍යාව 2ක්.