Monday, May 20, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගෙන් දුර්ලභ ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක්.




අඛණ්ඩව ටෙස්ට් ක්‍රිකට් තරඟ සියයකට ක්‍රීඩා කළ ලොව පළමු දඟ පන්දු යවන ක්‍රීඩකයා බවට පත්වීමේ දුර්ලභ වාර්තාවකට හිමිකම් කීමට ඕස්ට්‍රේලියානු  දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් සමත්වී තිබෙනවා.

ඒ, අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදීයි.

මෙම වාර්තාවේ විශේෂත්වය වන්නේ අඛණ්ඩව ටෙස්ට් ක්‍රිකට් තරඟ සියයකට මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ක්‍රීඩකයින් පස් දෙනෙකු පමණක් වීමයි.

ඔවුන් පස් දෙනාම පිතිකරුවන්.

ඇලිස්ටෙයාර් කුක්, ඇලම් බෝර්ඩර්, මාර්ක් වෝ, සුනිල් ගවස්කාර් සහ බ්‍රෙන්ඩන් මැකලම් මීට පෙර අඛණ්ඩව ටෙස්ට් තරඟ සියයකට ක්‍රීඩා කර තිබුණා.