Tuesday, May 7, 2024

General line - 0115112241

ප්‍රංශයට පැමිණෙන චීන සංචාරකයින්ට උපදෙස් මාලාවක්




චීනයේ සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයකට ප්‍රංශයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

17 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය යාමත් සමඟ ප්‍රංශයේ ඇරඹුණු විරෝධතා තවදුරටත් පැවැත්වෙනවා.

එම විරෝධතාවයක් අතරතුර මෙලෙස චින සංචාරකයින් රැගත් බස් රථයට ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ප්‍රංශයේ දකුණු මාර්ෂෙයිල් නගරයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

මේ පිළිබඳ මාර්ෂෙයිල්හි පිහිටි චීන කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

සිදු වූ මෙම ප්‍රහාරයෙන් පසු බස් රථයේ සිටි චීන සංචාරකයින් පිරිස ප්‍රංශයෙන් පිටව ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පැවසුවා. 

මෙම සිද්ධියෙන් පසු ප්‍රංශයේ සංචාරය කිරීමට සැලසුම් කර සිටින චීන ජාතිකයින් සඳහා ප්‍රංශයේ පිහිටි චීන කොන්සල් කාර්යාලය උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.

ප්‍රංශයට පැමිණෙන චීන ජාතිකයින්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.