Sunday, May 19, 2024

General line - 0115112241

චමරි ලෝකයේ අංක එකට




ශ්‍රීලංකා එක්දින නායිකා චමරි අතපත්තු ලෝක එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පැමිණ තියෙනවා.

ඒ, නවසීලන්තය සමග පැවති එක්දින තරගාවලියේදී ශතක දෙකක් රැස්කරමින් දැක්වූ දක්ෂතා හේතුවෙන්. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

චමරි අතපත්තුගේ මෙම දක්ෂතා හේතුවෙන් ශ්‍රීලංකාව පලමු වරට එක්දින පිටියේ දී නවසීලන්තයට එරෙහිව තරගාවලි ජයක් වාර්තා කලා.