Friday, October 18, 2024

General line - 0115112241

චමරි අතපත්තු ලෝක පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ අංක එකට




චමරි අතපත්තු ලෝක පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ අංක එකට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක චමරි අතපත්තු නවතම ලෝක එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ, නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩාම සමඟ පසුගියදා පැවති එක්දින ක්‍රිකට් තරඟාවලියේදී ශතක දෙකක් ද සමඟ පිත්තෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව ICC නවතම ශ්‍රේණිගත කිරීම්වලදී පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ ස්ථාන 06 ක් ඉදිරියට පැමිණෙමින් එහි පළම` ස්ථානයට පත්වීමට චමරි අතපත්තු සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟ 95 කට ක්‍රීඩා කර ඇති චමරි අතපත්තු රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 3,199 ක්. ශතක 08 ක් සහ අර්ධ ශතක 15 ක් ඇය විසින් මේ දක්වා වාර්තාකර තිබෙනවා.