Sunday, May 19, 2024

General line - 0115112241

කොදෙවුවන්ට හිට හදාගන්නයි ඕමානයට තැන හදාගන්නයි අද හොදම දවස




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතරයි. 

මේ අතර මෙම තරඟාවලියේ සත්කාරක කණ්ඩායම වන සිම්බාබ්වේ කණ්ඩායමේ ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු ඊයේ දිනයේදී බොඳව ගියා.

ඒ, ස්කොට්ලන්තය හමුවේ ලකුණු 31 ක පරාජයක් ලැබීම හේතුවෙන්.

එම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඬුලු 08 ක් දැවී ලකුණු 234 ක් රැස් කළා.

සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 41 යි එක් පන්දුවකදී සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 203 ක් පමණයි.