Monday, May 20, 2024

General line - 0115112241

ජූනි මාසයේ විශිෂ්ඨතම ක්‍රීඩකයින් තිදෙනා අතරට ශ්‍රී ලංකාවේ වනිඳු




ජූනි මාසයේ ක්‍රිකට් පිටියේ දක්ෂතම ක්‍රීඩකයින් තිදෙනා අතරට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ද නිර්දේශ කර තිබෙනවා. ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සෑම මසකම අදාළ මාසයේ දක්ෂතම ක්‍රීඩකයින් තිදෙනාගේ නාම යෝජනා ප්‍රකාශයට පත් කරන අතර පසුව ඉන් එක් අයෙකු සඳහා අදාළ සම්මානය මාසිකව පිරිනැමෙනවා. 
මෙවර වනිඳු හසරංග නිර්දේශ වී ඇත්තේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ දී දැක්වූ දක්ෂතා මතයි. මේ දක්වා වනිඳු හසරංග කඩුළු 20 ක් දවා ගෙන ඇත්තේ වැඩිම කඩුළු ලාභියා බවට ද පත් වෙමින්. ඔහු මෙම තරගාවලියේදී අඛණ්ඩව කඩුළු 05 බැගින් තරග 03 කදී බිඳහෙලූ අතර එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු දග පන්දු යවන්නා ඔහුයි. 
වනිඳුට අමතරව සිම්බාබ්වේ පිතිකරු ශෝන් විලියම්ස් සහ ඔස්ටේ්‍රලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ් ද නිර්දේශිත නම් අතරට ඇතුළත්.