එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ වටයේ අවසන් තරඟය ශ්රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර දැන් පැවැත්වෙනවා.
ඒ, හරාරේ ක්රීඩාංගණයේදීයි. තරඟයේ කාසියෙන් වාසිය දිනූ ශ්රී ලංකාව තීරණය කලේ පළමුවෙන් පන්දු යැවීමටයි.
අද තරඟයේදී වනිදු හසරංග හා ධනංජය ද සිල්වා විවේක ගන්වා ඇති අතර ඒ වෙනුවට දුෂාන් හේමන්ත සහ සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා තිබෙනවා.
මෙම තරඟයේ ප්රතිඵලයෙන් තරඟාවලියට කිසිදු බලපෑමක් සිදුවන්නේ නැහැ.
ඒ, මේ වන විටත් අවසන් මහා තරඟයට ශ්රී ලංකාව සහ නෙදර්ලන්තය සුදුසුකම් ලබාගෙන අවසන්ව තිබීම හේතුවෙන්.