Monday, November 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලකුණු 243ක අභියෝගයක් 




එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ වටයේ අවසන් තරඟය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනාම දැවී ලකුණු 243ක් රැස් කිරීමට සමත් වුනා.

Keacy Carty පන්දු 96කදී ලකුණු 87ක් රැස්කිරීමට සමත් වූ අතර අනෙකුත් ක්‍රීඩකයන්ට ලකුණු 50සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහේෂ් තීක්ෂණ කඩුලු 3ක් බිඳ හෙළුවා. දුෂාන් හේමන්ත ද අද සිය මංගල එක්දින කඩුල්ල ලෙස නිකලස් පුරාන් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට පන්දුවාර 24ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණ 127ක් රස කර තිබෙනවා.