Monday, November 25, 2024

General line - 0115112241

 ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රාහී ගමනක




එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ වටයේ අවසන් තරඟය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ඒ, හරාරේ ක්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 243 ක් රැස් කළා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහේෂ් තීක්ෂණ කඩුලු 4ක් බිඳ හෙලූ අතර දුෂාන් හේමන්ත කඩුලු 2ක් බිඳ හෙලුවා. දසුන් ශානක සහ මතීෂ පතිරණ එක් කඩුල්ල බැඟින් දවා ගත්තා. 

මේවනවිට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු   218ක් ලබා සිටිනවා.

පැතුම් නිශ්සංක පිට පිට ඔහුගේ දෙවන ශකතය මීට නොබෝ වේලාවකට පෙර ලබා ගත්තා.

දිමුත් කරුණාරත්න ලකුණු 83 ලබා ලබා ගැනීමට සමත් වුනා.