එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනී්මේ තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි. සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගනයේදී අද තරඟය ආරම්භවීමට නියමිතව ඇත්තේ මධ්‍යහ්න 12යි 30 ටයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට මුහුණ දෙන්නේ තරඟාවලියේ මෙතෙක් සහභාගී වූ තරඟ සියල්ල ජය ගෙන ඇති පසුබිමක් තුළයි. නෙදර්ලන්තය සහභාගී වූ තරඟ 5 න් 3ක් ජය ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් මෙලෙස එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනී්මේ තරඟාවලියක අවසන් මහා තරඟයට ක්‍රීඩා කරන්නේ වසර 44කට පසු වීමද විශේෂත්වයක්. මීට පෙර 1979 වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවා. එහිදී කැනඩාව පරාජය කරමින් ශූරයින් බවට පත් වුණේ ශ්‍රී ලංකාවයි.