දුර්ලභ ඝණයේ වාලම්පුරියක් මුදලට අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙකු තිහගොඩ, අපරැක්ක අධිවේගී පිවිසුම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදීයි.
අදාළ වාලම්පුරිය සැකකරු අලෙවි කිරීමට තැත් කර ඇත්තේ රුපියල් කෝටියක මුදලකට බවයි පොලිසිය පැවසුවේ.
ඔහු හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු තිහගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.