Monday, November 25, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට මිලි මීටර් 100 ට වැඩි තද වැසි - විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

ටී කේ මහින්ද




උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේ ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා පැවසුවේ.


කෙසේවෙතත් කුමන හෝ ප්‍රදේශයක හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේතරත් මහතා පැවසුවේ.


ඇදහැලුණු මහ වැසි හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් මාර්ග ජලයෙන් යටවී තිබෙනවා. 

කෙසේවෙතත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් රැගෙන යාම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව නෙත් නිවුස් මාතර වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවා.