Saturday, May 18, 2024

General line - 0115112241

නෙදර්ලන්තය අසරණ කළ ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ළං වෙයි




2023 එක්දින ලෝක කුසලාන තරගයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත්වුණා. ඒ, අවසන් තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 128 කින් පරාජයට පත් කරමින්. කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 5 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 233 ක් රැස් කළා. සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් සහන් ආරච්චිගේ ලකුණු 57 ක් ලබා ගත්තා. 
ලකුණු 234 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 23 යි පන්දු 03 ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 105 ක් පමණයි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 31 කට කඩුළු 04 ක් දවා ගත් අතර දිල්ෂාන් මධුෂංක ලකුණු 18 කට කඩුළු 03 ක් දවා ගත්තා. වනිඳු හසරංග ලකුණු 35 කට කඩුළු 02 යි.