Saturday, May 18, 2024

General line - 0115112241

සුදුසුකම් ලැබීමේ වටයේ ශූරයන් වූ ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක්




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ ශූරයින් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟ ප්‍රතිඵලයත් සමඟ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී ප්‍රතිවාදී කණ්ඩායමක් පිට පිටම අවස්ථා 10කදී ලකුණු 250කට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැවති තරඟයේදි නෙදර්ලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 105කට දවා ගැනීමට සමත් වුණා.

මිට පෙර පිට පිටම අවස්ථා 9කදී ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 250කට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින් පාකිස්ථාන කණ්ඩායම එම වාර්තාව පිහිටුවා තිබුණා.

පාකිස්ථාන කණ්ඩායම 1996 වසරේදී සහ  1999 - 2000 යන කාල සිමාව තුළදී අවස්ථාන 2කදී ප්‍රතිවාදී කණ්ඩායම් ලකුණු 250කට අඩුවෙන් සීමා කරමින් එම වාර්තාව තමන් සතු කරගෙන සිටියා.