2023 ජුනි මාසයේ ෂක්‍ක් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග නම් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ටැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂෝන් විලියම්ස් අභිබවමින් ඔහු මෙම සම්මානය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.
එක්දින ලෝක කුසළාන ක්‍රිකට් තරඟාවලියට සුදුසකම් ලැබීමේ තරඟාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම සම්මානය හිමිව තිබෙනවා.
එම තරඟාවලියේදී පන්දුවෙන් දස්කම් දැක්වූ වනිඳු හසරංග කඬුලු 22 ක් දවා ගැනීමට සමත් වුණා.
එමෙන්ම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට තරඟ දෙකකදී කඬුලු 05 බැඟින් බිඳ හෙලූ දෙවන ක්‍රිඩකයා ලෙසද ඔහු මෙම තරඟාවලිය තුළදී ඉතිහාසයට එක් වුණා.
ඒ, ඕමාන කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරඟ දෙකේදී කඬුලු 05 බැඟින් දවා ගනිමින්.