නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කොළඹදී අද ආරම්භ වුණා.
ඒ, සත්කාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා බංග්ලාදේශ ඒ කණ්ඩායම අතරයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 45 ක් අවසානයේ කදුළු 5ක් දැවී ලකුණු 296 ක් රැස්කර ගෙන සිටියා.
අවිශ්ක ප්‍රනාන්දු 133 ක් රැස්කරා . මිනෝද් භානුක නොදැවී ලකුණු 57 යි.
අද තරගයට එක්ව සිටින කණ්ඩායමට කලකට පසු චාමික කරුණාරත්න එක්ව සිටීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙවර පැවරී ඇත්තේ නවක ක්‍රීඩක දුමිත් වෙල්ලාලගේටයි.
තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙන අතර ඇෆ්ගනිස්තාන සහ ඕමාන ඒ කණ්ඩායම් එහිදී තරග බිමට පිවිස සිටිනවා.