ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වැදගත් තීන්දු කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන පිරිමි ක්‍රිකට් තරඟ සඳහා ලබාදෙන ත්‍යාග මුදලට සමාන ත්‍යාග මුදලක් කාන්තා ක්‍රිකට් තරඟ සඳහා ද මෙම වසරේ සිට ලබාදීමට තීරණය කර තිබීම විශේෂත්වයක්.
මේ අතර ටෙස්ට් ක්‍රිකට් තරඟවලදී අඩු පන්දුවාර සංඛයාවක් යැවීම හමුවේ ක්‍රීඩකයින්ට නියම කරන දඩ මුදල් සීමාව ද සංහෝධනය කර තිබෙනවා. ඒ අනුව අඩුවන සෑම පන්දුවාරයකටම ක්‍රීඩකයින්ට මින් ඉදිරියට ගෙවීමට සිදුවන්නේ තරඟ ගාස්තුවෙන් අවමය සියයට 5 ක් වූ දඩයක් පමණයි. එහි උපරිම සීමාව තරඟ ගාස්තුවෙන් සියයට 50 ක් දක්වා සීමා කර තිබෙනවා.