තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්රීඩා ශූරතා තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය අද පැවැත්වුණා.
ඊට ශ්රී ලංකාව නියෝජනය කරමින් එක්වුණේ තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න යි.
එම ඉසව්ව විනාඩි 2 යි තත්පර 6 යි 6 කින් නිම කළ තරුෂි කරුණාරත්න රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් සහ ශ්රී ලංකා වාර්තාවක්ද සමගින්.
ලෝකඩ පදක්කම ගයන්තිකා අබේරත්න විසින් දිනා ගනු ලැබුවා.
තරුෂි කරුණාරත්න බිඳ හෙලුවේ 1998 දී චීන ක්රීඩිකාවක් විසින් තැබූ තරගාවලි වාර්තාවක්. එමෙන්ම ආසියානු ශූරතා මලල ක්රීඩා තරගාවලියේ දී ශ්රී ලංකාව වෙනුවෙන් අවසන් වරට ආසියානු මලල ක්රීඩා ශූරතා තරගාවලි වාර්තාවක් බිහිකළේ සුසන්තිකා ජයසිංහ වන අතර එය 2002 වසරේ දී මීටර් 200 ඉසව්ව වෙනුවෙන් පිහිටුවා තිබුණා.
ඒ අනුව ශ්රී ලාංකිකයෙක් ආසියානු ශූරතා මලල ක්රීඩා තරගාවලි වාර්තාවක් බිහිකළේ වසර 21කට පසුවයි.