Monday, May 20, 2024

General line - 0115112241

ධනංජය සිය දසවන ටෙස්ට් ශතකය වාර්තා කරයි




සිය දසවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට  ධනංජය ද සිල්වා මීට නොබෝ වෙලාවකට පෙර සමත් වුණා.

ඵ්, සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදියි.

හයේ පහර 03ක් සහ හතරේ පහර 10ක් සමගින් ධනංජය ද සිල්වා මේ වන විට නොදැවී රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 107ක්.

තරගයේ දෙවන දිනය වූ අද දිනයේ පලමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වෙලාවකට පෙර කඩුළු 07ක් දැවී ලකුණු 261ක් රැස්කර සිටියා.