Monday, May 20, 2024

General line - 0115112241

පකිස්ථාන කණ්ඩායම ලකුණු 91ක් පිටුපසින්




ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ තරඟය නතර කරන විට සංචාරක පකිස්ථාන කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 221ක් රැස් කළා.

සවුද් ශකීල් නොදැවී ලකුණු 69ක් ලබා සිටින අතර අගා සල්මාන් නොදැවී ලකුණු 61යි.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 83කට කඩුලු 3යි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 312ක්.

ඒ අනුව, පකිස්ථාන කණ්ඩායම මේවනවිට පසු වන්නේ ලකුණු 91ක් පිටුපසින්.