Saturday, July 27, 2024

General line - 0115112241

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ නිළ තේමා පටය එළිදැක්වුවා




එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ නිළ තේමා පටය ඊයේ රාත්‍රියේ එළිදැක්වුවා. ඒ, ලෝක කුසලානයේ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ කරමින්. ඉන්දියාව මෙලෙස නිල ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත්තේ ලෝක කුසලානයට දින 77 ක් පමණක් ඉතිරිව තිබියදීයි.

ලෝක කුසලානයේ නිළ වීඩියෝව සඳහා ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ද රංගනයෙන් එක්ව සිටීම විශේෂත්වයක්. මීට අමතරව හිටපු සුපිරි ක්‍රීඩකයින් වන ජොන්ටි රෝඩ්ස්, ඉයන් මොර්ගන්, ජේ.පී.ඩුමිනි සහ දිනේෂ් කාර්තික් ද වීඩියෝවේ රංගනයෙන් දායක වනවා. 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන ඔක්තෝම්බර් 05 වනදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි. 

මේ අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ආසියානු නැගී එන කණ්ඩායම් අතර තරඟාවලියේ අවසන් පූර්ව තරඟ අද ආරම්භ වනවා. පළමු තරඟය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන අතර ඉන්දියාව සහ බංග්ලාදේශය අතර දෙවන තරඟය අද පස්වරුවේ පැවැත්වෙනවා. මෙම තරඟ දෙකම නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව සලසාදී තිබෙනවා.