Thursday, May 2, 2024

General line - 0115112241

ජපානයේ දුම්රියක් තුළ පිහි ඇනුමක්




ජපානයේ දුම්රියක් තුළ පිහි ඇනුමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවයි. තුවාලකරුවන් රෝහල්ගත කර ඇති අතර ඔවුන්ට ජීවිත අනතුරක් නොමැති බවයි වාර්තා වන්නේ. සිද්ධියට සම්බන්ධ සැකකරු ඔසාකා ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. 37 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී තියුණු ආයුධ 3ක් සොයා ගෙන ඇති බවයි ජපාන පොලිසිය පවසන්නේ. ප්‍රහාරයට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ජපාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ජපානය සැලකෙන්නේ අපරාධමය සිදුවීම් වාර්තා විම අඩු රටක් ලෙසයි. එරට මනුශ්‍ය ඝාතන අනුපාතයද ඉතා පහළ මට්ටමක පවතිනවා. එමෙන්ම, අවිභාවිතය සම්බන්ධයෙන් ලොව දැඩි නිීති පද්ධතියක් ක්‍රියාත්මක රටක් ලෙසද ජපානය ප්‍රකටයි. 
කෙසේවෙතත් මෑත කාලිනව ජපානයෙන් වාර්තා වන පිහි ඇනුම් සහ ගිනි අවි භාවිතයට අදාළ සිද්ධින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට හිටපු අග්‍රාමාත්‍ය ෂිං සෝ අබේ මිය ගියේද පුද්ගලයෙකු විසින් දේශියව නිපදවූ ගිනි අවියක් භාවිත කරමින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හමුවේයි. ඊට අමතරව ජනාපයේ ජනාකීර්ණ ස්ථානවල පිහි ඇනුම් පිළිබඳ සිදුවීම් කිහිපයක්ද ඉකුත් කාලයේ වාර්තා වුණා.