සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය කොළඹ එස්එස්සී ක්‍රීඩා පිටියේදී අද ආරම්භ වනවා.
එම ක්රීාංගනයේදී ටෙස්ට් තරඟයක් පැවැත් වෙන්නේ දිගු කලකට පසුවයි.
ඒ අනුව, අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ යම් වෙනසක් සිදු වීමට ඉඩ ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟය කඩුලු 4කින් ජය ගත්තේ පාකිස්ථාන කණ්ඩායමයි.
මේ අතර, නැගි එන කණ්ඩායම් අතර පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පකිස්තාන යොවුන් කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කරමින්.
එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 352 ක් රැස් කලා.
ඊට පිළිතුරු වශයෙන් ඉන්දිය යොවුන් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 224ක් පමණයි.
ඒ අනුව අවසන් තරගයෙන් පකිස්තානු කණ්ඩායම ලකුණු 128ක දැවැන්ත ජයක් වාර්තා කලා.
මෙම තරඟාවලියේ පසුගිය වර ශුරයින් වූයේද පකිස්තානයයි.
ඒ අනුව ඔවුන් මෙම කුසලානය අඛණ්ඩව දිනූ දෙවන අවස්ථාව මෙය වනවා.