සංචාරක පකිස්ථානු කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ පළමු දිනය අදයි.
අද දිනයට තරඟය නතර කරන විට පකිස්ථානු කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 145ක් රැස් කරගෙන සිටියා.
අබ්දුල්ලාහ් ෂෆීක් නොදැවී ලකුණු 74යි. ෂාන් මසූඩ් ලකුණු 51යි.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ පළමුව පන්දුවට පහර දිමටයි.
ඒ අනුව, සිය පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි.
ටෙස්ට් දිවියේ සිය 13වන අර්ධ ශතකය වාර්තා කළ ධනංජයද සිල්වා ලකුණු 57ක් ලබා ගත්තා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 34කට දැවී ගිය අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 27යි.
ඔවුන් තිදෙනා හැර ශ්රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිදු ක්රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට පකිස්ථානු පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.
පන්දු යැවීමේදී අබ්රාර් අහමඩ් ලකුණු 69කට කඩුලු 4ක් දවා ගත් අතර නෂිම් ෂාහ් ලකුණු 41ට කඩුලු 3යි.
තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්රීඩාංගනයේදීයි.