සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ දෙවන දිනය අදයි.
ඊයේ දිනයේදී තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්රීඩා කළ පකිස්ථාන කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 145ක් රැස් කරගෙන සිටියා.
අබ්දුල්ලාහ් ෂෆීක් ලකුණු 74 ක් සහ නායක බාබර් අසාම් ලකුණු 08 ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 166ක් පමණයි.
ඒ අනුව කඩුළු 08 ක් අතැතිව සිටි පකිස්තාන කණ්ඩායම ශ්රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 21 ක් පසුපසින් සිටිනවා.
තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්රීඩාංගනයේදීයි.