ශ්රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ පළමු ඉනිම ක්රීඩා කරන සංචාරක පාකිස්තාන කණ්ඩායම දිනය නිමා වන විට කඬුලු 05 ක් දැවී ලකුණු 563 ක් රැස්කර සිටියා.
සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කළ පාකිස්තාන ආරම්භක පිතිකරු අබ්දුල් ෂාෆි දැවී ගියේ ලකුණු 201 ක් රැස්කර සිටියදීයි.
අඝා සල්මාන් ලකුණු 132 ක් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 37 ක් රැස්කරමින් නොදැවී කඬුල්ලේ රැඳී සිටිනවා.
පන්දු යැවීමේදී අසිත ප්රනාන්දු කඬුලු 03 ක් සහ ප්රභාත් ජයසූරිය කඬුලු 02 ක් බිඳ හෙලුවා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 166 ක් පමණයි.
ඒ අනුව ශ්රී ලංකා ඉනිමට වඩා ලකුණු 397 ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.
කොළඹ එස් එස් සී ක්රීඩාංගනයේ දෙරට අතර පැවැත්නෙ දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ සිව්වන දිනය හෙටයි.