Monday, November 25, 2024

General line - 0115112241

පකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු ටෙස්ට් තරගාවලි පරාජයක්




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 222 ක ජයක් වාර්තා කිරීමට පකිස්තාන කණ්ඩායම අද සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කර ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

පකිස්තානය සිය පළමු ඉනිම කඩුළු 05 කට ලකුණු 576 ක් රැස්කර ගෙන සිටියදී අත්හිටවනු ලැබුවා.

ඒ අනුව සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ඇරඹු ශ්‍රී ලංකා පිළේ සියලුදෙනා අද පස්වරුවේ ලකුණු 188 කට දැවී ගියා.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 63 යි.

දිමුත් කරුණාරත්න ලකුණු 41 යි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නොමාන් අලි ලකුණු 70 කට කඩුළු 07 ක් බිඳ හෙලුවා. 

ඒ අනුව තරග 02 කින් යුත් ටෙස්ට් තරගාවලිය 02 ට 0 ක් ලෙස ජය ගැනීමට පකිස්තානය සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමග පකිස්තානය ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලි 05 ක් ජය ගෙන තිබෙනවා.

එය වාර්තා පොත් අතරට එක්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මෙරටදී වැඩිම ටෙස්ට් තරගාවලි සංඛ්‍යාවක් ජයගත් රට ලෙසයි.