Saturday, July 27, 2024

General line - 0115112241

එක්දින ලෝක කුසලාන තරඟාවලියේ කාල සටහන වෙනස් වෙයි




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන වෙනස් කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබෙනවා. රටවල් කිහිපයක ඉල්ලීම් මත මෙම තීරණය ගත් බවයි ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශා පවසන්නේ. ඒ යටතේ ලොවක් බලා සිටින ඉන්දු පාකිස්ථාන තරඟයේ දිනයද වෙනස් වනු ඇති බවටයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. දැනට එම තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තොම්බර් මස 15වනදායි. තරඟ අතර පවතින පරතරය අවම කිරීමද මේ හරහා සිදු වනු ඇති. 


මෙවර එක්දින ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන්නේ ඉන්දියාවයි. සාමාන්‍යයෙන් ලෝක කුසලානයකට වසරකට පෙර එහි තරඟ කාල සටහන එළි දක්වනවා. එහෙත් මෙවර කාල සටහන එළි දැක්වුණේ තරඟාවලියට දින 100කට පෙරයි. ඒ අනුව, තරඟාවලියට තවත් දින 67කට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී යළි එහි කාල සටහන වෙනස් කිරීමටයි ඉන්දීය බලධාරීන් සූදානම් වන්නේ.